FAST NEWS

24×7 Around the Globe

මැයි මස සිට ආහාර අතින් අල්ලා අලෙවි කිරීම සපුරා තහනම්…

 

එළැඹෙන මැයි මස 01 වැනිදා සිට දිවයින පුරා පිහිටි ආපන ශාලාවල ආහාර ඍජුවම අතින් අල්ලා අලෙවි කිරීම සපුරා තහනම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සඳහන් කරයි.

අදාළ නීතිය ක්‍රියාත්මක කරන එම දිනයේ සිට වඩයක්වත් අතින් අල්ලා අලෙවි කළ නොහැකි බව එම ඒකකයේ සහකාර අධ්‍යක්ෂක ජේ.කේ. ජයසිංහ මහතා සඳහන් කළේය.

මීට අදාළව ඉදිරි මාස 03 ක කාලය තුළ, ජනතාව, පාසල් දරුවන් දැනුවත් කරන ලෙසට පළාත් හා දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට ද උපදෙස් පත්‍රිකා නිකුත් කළ බව එ් මහතා වැඩිදුරටත් පැවසීය.