FAST NEWS

24×7 Around the Globe

ශ‍්‍රී ලංකාව සහ පිලිපීනය අතර නව අවබෝධතා ගිවිසුම් 05 කට අත්සන් තැබෙයි..

 

 

ශ‍්‍රී ලංකාව සහ පිලිපීනය අතර නව අවබෝධතා ගිවිසුම් 05 කට අත්සන් තැබිම පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩියුටර්ට් මහතා අතර ඊයේ (16) පස්වරුවේ සිදුවු නිල හමුවේදි සිදුවු බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

දෙරට අතර ආරක්ෂක සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබඳඅවබෝධතා ගිවිසුම පළමුව අත්සන් තබා ඇති අතර පිලිපීන රජය වෙනුවෙන් එරට ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේකම් Delfin N. Lorenzana මහතා ඊට අත්සන් තබා ඇත අතර ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ගිවිසුමට අත්සන් තබා ඇත.

ඉන් අනතුරුව ශ‍්‍රී ලංකාව සහ පිලිපීනය අතර සංචාරක සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබඳ නව අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇති අතර ඊට පිලිපීන රජය වෙනුවෙන් පිලිපීන සංචාරක දෙපාර්තමේන්තුවේ ලේකම් Bernadette Romulo puyat මහතා අත්සන් තැබූ අතර ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අත්සන් තබා ඇත.

දෙරට අතර කෘෂිකාර්මික සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබඳ නව අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තබා ඇති අතර ඊට ද ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අත්සන් තබා ඇත අතර, පිලිපීන රජය වෙනුවෙන් එරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් Waldo Carpro මහතා අත්සන් තබා තිබේ.

ඉන් අනතුරුව අත්සන් තැබුණේ දෙරට අතර අධ්‍යාපන සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබෙද නව අවබෝධතා ගිවිසුමටද අත්සන් තබා ඇති අතර ඊට ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් පිලිපීනයේ ශ‍්‍රී ලංකා තානාපති අරුණි රණරාජා මහත්මිය අත්සන් තබා ඇති අතර පිලිපීන රජය වෙනුවෙන් එරට උසස් අධ්‍යාපන කොමිසමේ මහාචාර්ය E.De Vera මහතා අත්සන් තබා තිබේ.

ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්ම පර්යේෂණ ප‍්‍රතිපත්ති සභාව සහ පිලිපීනයේ ලොස් බානෝස් විශ්වවිද්‍යාලය අතර කෘෂිකර්ම තාක්ෂණික සහයෝගීතාවය පිළිබඳව අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තබා ඇත.

ජාතික කෘෂිකර්ම පර්යේෂණ පද්ධතියේ විද්‍යාඥයන්ට පශ්චාත් උපාධි පාඨාමාල සඳහා අවස්ථාව උදාකර දීම එහි අරමුණ වි ඇති අතර පිලිපීනයේ ශ‍්‍රී ලංකා තානාපතිනි අරුණි රණරාජා මහත්මිය හා ලොස් බානොස් විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය Fernando C. Sanchez මහතා ඊට අත්සන් තබා ඇත.