FAST NEWS

24×7 Around the Globe

2019 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අද (17)

 

2019 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) ගිරිඋල්ල ගනේගොඩ ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශනය නිවේදනය කරයි.

දිවයිනේ ක්‍රියාත්මක වන පාසල් 10,194 අතුරින් පාසල් 9,193ක ප්‍රාථමික අධ්‍යාපන අංශ ක්‍රියාත්මක වන අතර, සෑම වසරක ම 340,000කට ආසන්න දරුවන් සංඛ්‍යාවක් පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වේ.

2019 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමිව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භක පියවර ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 17 වැනිදා ගිරිඋල්ල ගනේගොඩ ප්‍රාථමික විද්‍යාලයේ දී සිදු කිරීමට නියමිත අතර සිසු දරුවන් ද අමාත්‍යවරයා සමඟ මෙම පැල වර්ග රෝපණය කිරිම සඳහා එක් විමට නියමීතය.

මීට අමතරව 2019 වර්ෂයේ දී පළමු ශ්‍රේණියට ඇතුළත්වන සියලු සිසුන් ට පැල බෙදා දී රෝපණය කිරීමටත් එම පැල රැක බලා පෝෂණය කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කෙරෙනු ඇති බවද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.