අගුනකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසකට පහරදුන්බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සොයාබැලීමට අධිකරණ හා බන්ධනාගාර අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මියගේ උපදෙස් අනුව ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත.
අදාල සිද්ධීය පිළිබද වහාම පරික්ෂණයක් කර ලබන 21 ට පෙර වාර්තාවක් ලබාදෙන ලෙසද අමාත්‍යවරිය බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතාට උපදෙස් ලබාදී ඇත.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 22 වනදා අදාළ පහරදීම සිදුවී ඇත.
සිද්ධීය සම්බන්ධයෙන් පත් කල කමිටුව විසින් ලබාදෙන වාර්තාවට අනුව ඉදිරි ක්රීයාමාර්ග ගැනීමට සූදානම් බව තලතා අතුකෝරාල මහත්මිය අවධාරණය කළාය.








