මේ වසර ආරම්භයේ සිට අද දක්වා ගතවූ දින 16 ක කාලය තුළ ඩෙංගු රෝගීන් 2330 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
ඉන් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 625කි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඩෙංගු රෝගීන් 180ක් වාර්තා වී තිබෙන බව එම අංශය සදහන් කරයි.








