දිවයින පුරා රෝහල් 132 කට රුපියල් මිලියන 2500 ක් වටිනා ගිලන් රථ 132 ක් බෙදා දීමට මේ වනවිට කටයුතු සූදානම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
එංගලන්තයේ නිෂ්පාදිත මෙම ගිලන් රථ පළාත් සභා රෝහල් 103 කට, මධ්‍යම රජය යටතේ පාලනය වන රෝහල් 27කට සහ ආයුර්වේද රෝහල් 02කට ලබාදීමට කටයුතු යොදා ඇත.
මෙම ගිලන් රථ රෝහල් වෙත ලබාදීම ලබන සිකුරාදා සිදු කිරීමට නියමිතය.










