FAST NEWS

24×7 Around the Globe

ප්‍රමිතියෙන් තොර රියැදුරු පාසල් වැටලේ..

 

ප්‍රමිතියෙන් තොරව පවත්වාගෙන යන රියැදුරු පාසල් වැටලිම අද (16) සිට ආරම්භ කරන බව මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් කාර්යාලය නිවේදනය කර සිටියේය.

ප‍්‍රමිතියෙන් තොර සහ ලියාපදිංචි කර නොමැති රියදුරු පාසල් දිවයින පුරා පවතින බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ අනූව පොලිසිය සමඟ එක්ව මාර්තු මස අවසානය තෙක් වැටලිම් සිදුකරන බව එම කාර්යාලය පවසයි.

නීති විරෝධි ලෙස රියදුරු පාසල් පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමටත් කටයුතු යොදා තිබේ.