හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව මාර්තු 28 වනදා යළිත් කැඳවීමට කොළඹ මහාධිකරණය අද (16) නියම කළේය.
ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසිනි.
පසුගිය ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදලට අයත් රුපියල් මිලියන 35 ආසන්න මුදලක් වැය කර ජී.අයි. පයිප්ප බට මිල දී ගෙන දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය සභා සඳහා බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කිත්සිරි රණවක යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.








