පෙබරවාරි 04 වනදාට යෙදී ඇති ජාතික නිදහස් දින සැමරුම් උත්සවය වෙනුවෙන් මූලික පෙර පුහුණුවීම් ගාලුමුවදොර පිටියේදී ලබන 26 වනදා සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.
මෙවර යෙදී ඇත්තේ 71 වන ජාතික නිදහස් දින උත්සවයයි.
මෙම සැමරුම් උත්සවය සදහා සමාජිකයින් 3500 කට ආසන්න පිරිසක් එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසයි.
මෙවර නිදහස් උත්සවයට යුධ හමුදාවේ නිලධාරින් 126 දෙනෙකු සහ සෙසු නිලයන් 3394 දෙනෙකු එක්වන බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා කියා සිටියේය.








