FAST NEWS

24×7 Around the Globe

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්නට එරෙහි නඩුව කල් තැබේ..

 

පුද්ගලයින් 11 දෙනකු පැහැර ගැනීමේ සිද්ධියේ සැකකාර ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ හෙවත් නේවී සම්පත්ට රැඳි සිටීමට ආධාර අනුබල දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට පවරා ඇති නඩුව ලබන අප්‍රේල් මස 03 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දුරකතන විශේෂ වාර්තා සම්බන්ධ විශේෂ පරීක්ෂණයක් සිදු වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත දැනුම් දෙනු ලැබීය.

එම විමර්ශන ප්‍රගතිය ලැබෙනතුරු නඩුව කල් තැබීමට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව කළ ඉල්ලීම සැලකිල්ලට ගෙන අධිකරණය මෙම නියෝග කළේය.

මාණ්ඩලික ප්‍රධානීවරයා ඇප මත සිටිමින් අද (16) අධිකරණයේ පෙනී සිටියේය.