FAST NEWS

24×7 Around the Globe

විපක්‍ෂයේ නායක සංවිධායක ධුර වෙල්ගමට සහ මහින්දානන්දට දීමට සැරසෙති.

විපක්‍ෂ නායක ධුරයට කුමාර වෙල්ගම මහතාත් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට මහින්දානන්ද අලුත්ගමගේ මහතාත් පත් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රී කණ්‌ඩායමක්‌ හා පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සෙසු පක්‍ෂවල නායකයන්ගේ හමුවකදී යෝජනා වී තිබේ.

මෙම හමුව පෙරේදා (24 දා) පෙරවරුවේ පැවැති අතර ඊට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායමක්‌ හා මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්‌කාර, ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන මහත්වරුන් සහභාගි වී ඇත.

විපක්‍ෂ නායක ධුරය භාරගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අදහසක්‌ නැති බව මුල සිටම ප්‍රකාශ කර තිබිණි.

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට දිනේෂ් ගුණවර්ධන මහතාගේ නම මෙහිදී යෝජනා වී ඇතත් ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ ඊට කාර්යශූර අයකු පත්කර ගැනීම සුදුසු බවයි. ඒ අනුව එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නම යෝජනා වී තිබේ.