FAST NEWS

24×7 Around the Globe

අද (16) සිට පළාත් කීපයකට සුළගේ වේගය වැඩි වෙයි..

 

අද (16) රාත්‍රියේ සිට දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩි වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

වයඹ, නැගෙනහිර සහ බස්නාහිර පළාත්වලත් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්වලවත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40 ක් දක්වා වන තද සුළං අපේක්ෂා කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ඌව පලාතේ සහ මඩකළපුව සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි අපේක්ෂා කරන බව ද එම නිවේදනයේ සදහන් වේ.