පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනතේ කෙටුම්පත මේ මස 22දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා මාධ්‍ය වෙත පැවසීය.
පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා පදනම් කරගෙන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නඩු පැවැරීමේ බලය මෙමඟින් හිමිවන බව හෙතෙම පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නඩු පැවැරීම ප්‍රමාද කිරීම සඳහා මේ සංශෝධන පනත් කෙටුම්පතද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ ප්‍රමාදයක් පවතින බවට විපක්ෂය ගෙනයනු ලබන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවක් නොමැති බවද හෙතෙම පෙන්වා දුන්නේය.








