ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කරන ලද ත‍්‍රිපිටකය, ලෝක උරුමයක් බවට පත්කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවටඅද (14) පැවැති කැබිනට් රැස්වීමේදි අනුමැතිය හිමීව තිබේ.
ඒ අනුව එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය.
මේ අතර ත‍්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට ජනාධිපති මැදිහත්වීම පිළිබඳ විදෙස් රාජ්‍ය තාන්ත‍්‍රිකයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද ජනාධිපති කාර්යාලයේ පවත්වා තිබේ.
.








