පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් රුපියල් මිලියන 75 කට ආසන්න මුදලක් අයථා ලෙස ඉපයූ බවට පනවා තිබූ නඩුව මාර්තු මස 27 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (14) දැනුම් දුන්නේය.
විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ බැංකුවල පිහිටි ගිණුම් සම්බන්ධයෙන් ලබාදුන් පිටපත්වල නිරවද්‍යභාවය පරීක්ෂා කිරීමට කාලය අවශ්‍ය බව අධිකරණය දැනුම් දී තිබේ.
ඒ අනුව එම නඩුව ලබන 27 දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා පියවර ගෙන ඇත.








