හෙට (15) රාත්‍රියේ සිට දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විශේෂයෙන් වයඹ, නැගෙනහිර, ඌව පළාත්වලත් , හම්බන්තොට සිට මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මෙලෙස සුළෙඟ් වේගය ඉහළ යා හැක.
ධීවර හා නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව අවධානයෙන් කටයුතු කළ යුතු බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එමෙන්ම හෙට දිනයේදී සබරගමුව, මධ්‍යම, ඌව, පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට මිලිමීටර 75 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.








