FAST NEWS

24×7 Around the Globe

බස් රථවලට අදාළ නිදහස් ගමන් බලපත්‍රය ලබන පෙබරවාරියේ සිට අවලංගුයි…

 

පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි විසින් මාධ්‍යවේදීන්ට සහ කළාකරුවන්ට බස් රථවල නොමිලයේ ගමන් කිරීමට ලබා දී තිබූ නිදහස් ගමන් බලපත්‍රය ලබන පෙබරවාරි 01 වැනිදා සිට අවලංගු කරන බව සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කරයි.

ඊට හේතුව වශයෙන් ඔහු පෙන්වා දෙන්නේ නිදහස් ගමන් බලපත්‍ර හේතුවෙන් පුද්ගලික බස් රථ හිමියන්ට දිනකට රුපියල් ලක්ෂ 05 කට ආසන්න පාඩුවක් සිදුවන බවයි.

නමුත් දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරිය ලබාදී ඇති නිදහස් ගමන් බලපත්‍ර මේ යටතේ අවලංගු නොවන බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.