FAST NEWS

24×7 Around the Globe

රාගම ශික්ෂණ රෝහලට අද (14) නව හදිසි ප්‍රතිකාර ඒකකයක්…

 

රාගම ශික්ෂණ රෝහලේ ඉදිකරන ලද නව හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පස්වරු 3.00 ට විවෘත කිරීමට නියමිතව ඇත.

මේ සදහා වැයකර ඇති මුළු මුදල රුපියල් මිලියන 1400 කි.

ඉංජිනේරුමය කාර්යන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදුකර ඇත.

මෙම ඒකකය සදහා ශල්‍යාගාර 07 ක් , දැඩි සත්කාර ඒකකයක්, විශේෂ ප්‍රතිකාර ඒකකයක්, ප්‍රාථමික සත්කාර ඒකකයක් සහ ශල්‍ය වාට්ටු 06 කින් මෙම ඒකකය සමන්විත වෙයි.

මෙම රෝහලෙන් වාර්ෂිකව රෝගීන් 140,000 ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, බාහිර රෝගී අංශයෙන් වාර්ෂිකව ප්‍රතිකාර ලබාගන්නා සංඛ්‍යාව දල වශයෙන් 540,000 ක් පමණ වන බවත් වාර්තා වෙයි.