ගෑස් සහ කිරිපිටි මිල ඉහළ දැමීමට සමාගම් කළ ඉල්ලීම් මිල පාලන කමිටුව වෙත යොමුකර ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එම්. එස්. එම්. ෆවුසර් මහතා මාධ්‍ය වෙත පැවසීය.
ගෑස් සමාගම් දෙකක් කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 ත් 400 ත් අතර අගයකින් ඉහළ නංවන ලෙසට ඉල්ලීම් කර ඇතැයිද එ මහතා පැවසීය.
ඒ අනුව එම සමාගම් කළ ඉල්ලීම් සම්බන්ධව මිල පාලන කමිටුව විමර්ශනය කරමින් තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම, කිරිපිටි සමාගම් කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 150 ත් 170 ත් අතර අගයකින් ඉහළ නංවන ලෙස ඉල්ලා ඇතැයිද ඒ මහතා කියා සිටියේය.






