FAST NEWS

24×7 Around the Globe

ජාතික වනෝද්‍යාන සදහා ප්‍රවේශපත් අලෙවි කිරීම අද (14) සිට අන්තර්ජාලයෙන්…

 

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (14) සිට ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ පහසුව සඳහා අන්තර්ජාලය හරහා ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමේ පහසුකම් ලබාදීමට තීරණය කර ඇත.

මෙම ක්‍රමය ඔස්සේ ලෝකයේ ඕනෑම රටක සිට ජාතික වනෝද්‍යාන නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මේ යටතේ ප්‍රථමයෙන්ම විල්පත්තුව ජාතික උද්‍යානයට ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම ආරම්භ කරන අතර, පසුව අනෙකුත් ජාතික වනෝද්‍යානවලට පිවිසීමේ ප්‍රවේශපත්‍ර අලෙවිය දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ.

මෙම ක්‍රමය හඳුන්වාදීමේ නිල උත්සවය අද (14) දින සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.