FAST NEWS

24×7 Around the Globe

පොලිස්පතිවරයා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණෙයි…(update)

 

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හඩ පරීක්ෂණයක් ලබාදීම සදහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඇත.

………………………………………………………………………………………………………………………………………………………………….

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (14) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.

ප්‍රභු ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සිදු කළ හෙළිදරව්වකට අනුව   සිදුකෙරෙන පරීක්ෂණයකට අදාළව එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඒ මහතාට මීට පෙර දැනුම් දී තිබුණි.

අද පෙරවරු 9.30ට එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙස පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

ඒ අනුව අද දිනයේ නියමිත වේලාවට රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව පොලිස්පතිවරයා පවසා තිබේ.