FAST NEWS

24×7 Around the Globe

රජරට සරසවිය 16 වනදා යළි විවෘත වෙයි…

 

රජරට විශ්ව විද්‍යාලය මේ මස 16 වැනි දින යළි විවෘත කරන බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ආචාර්ය ආනන්ද කරැණාරත්න මහතා සදහන්කර සිටියේය.

මීට අමතරව විවිධ චෝදනා යටතේ පංති තහනම් කරනු ලැබූ සරසවි සිසුන් 16 දෙනාගේ පංති තහනම ඉවත් කිරීමටද පාලක මණ්ඩලය තීරණය කර ඇත.

පංති තහනම් කර සිටි සිසුන්ගේ පංති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා පසුගිය 29 දින සරසවි සිසුන් විශ්ව විද්‍යාල භුමියේ උද්ඝෝෂණය  කර , පරිපාලන ගොඩනැගිල්ලට පිවිසිමෙන් අනතුරැව මිහින්තලය පරිශ්‍රයේ පිහිටි පිඨ හතරක් වසා  දැමීය.