FAST NEWS

24×7 Around the Globe

විදේශ කටයුතු ඇමති ශ්‍රී ලාංකික රාජතාන්ත්‍රිකයින්ගෙන් ඉල්ලීමක් කරයි…

 

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ශ්‍රී ලාංකික රාජතාන්ත්‍රික නිලධාරින්ගෙන් ඉල්ලීමක් කරමින් ඉල්ලා සිටින්නේ මහජන රාජතාන්ත්‍රිකභාවය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මගින් විදේශ රටවලදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසයි. 

බුදු දහම, මැණික්, තේ සහ කුළු බඩු විශිෂ්ඨ තත්ත්වයේ අපනයන නිෂ්පාදන සහ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාර වැනි මෙරටට ආවේනික සන්නාම භාවිත කරමින් මෙරට ප්‍රතිරූපය වර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසට ඔහු ඉල්ලා සිටියි.

විදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ මහජන රාජතාන්ත්‍රික භාවය හා ජනමාධ්‍ය සබඳතා පිළිබඳ පුහුණු වැඩසටහනේ සහතික පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.