තෛපොංගල් දිනය නිමිත්තෙන් 14 වැනි සඳුදා දිනයේදී උතුරේ සියලුම පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යලය නිවේදනයක් නිකුත් කර තිබේ.
උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා උතුරු පලාත් අධ්‍යාපන ලේකම් ඇතුළු නිලධාරීන් සමඟ සිදු කරන ලද සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.








