ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් කෝටියක වන්දි මුදලක් ගෙවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය අද (11) පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාට නියෝග කළ බව අප අධිකරණ වාර්තාකරු පවසයි.
ජනතා විමුක්ති පෙරමුණට බුද්ධිමය දේපළ අයිතිය හිමි කරුණු යොදාගනිමින් නැත්ත වෙනුවට ඇත්ත ලෙස කෘතියක් රචනා කල බවට වන චෝදනාවට අදාළව විමල් වීරවංශ මහතාගෙන් රුපියල් කෝටි 10 ක් ඉල්ලමින් ගොනු කර තිබු නඩුවකට අදාළව මෙම නියෝගය නිකුත් කර තිබේ.








