කිසියම් පුද්ගලයෙකුගේ මරණය සඳහා අලාභ අයකර ගැනීමේ නව පනත් කෙටුම්පතක් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
නොසැලකිලිමත්භාවය හෝ හදිසි අනතුරක් හේතුවෙන් වෙනත් පුද්ගලයකු මරණයට පත්වන අවස්ථාවකදී ඊට එරෙහිව නඩු පවරා වන්දි මුදල් අය කර ගැනීමේ හැකියාව නව පනත හරහා මරණයට පත්වූ පුද්ගලයාගේ පාර්ශවයට හිමිවන බව අමාත්‍යවරිය අවධාරණය කළාය.








