FAST NEWS

24×7 Around the Globe

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නිදහස් දින නිදහස ඉල්ලයි..

 

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙත පෙබරවාරි 4 වැනිදාට යෙදෙන ජාතික නිදහස් දිනයේ දී පොදු සමාව ලබා දෙන ලෙසට පැවිදිහඬ සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව, එම සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ නාරාහේන්පිට අභයාරාමයේදී අද (10) පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවැසූහ.

රට, ජාතිය, ආගම වෙනුවෙන් උන්වහන්සේ සිදු කල කාර්යභාරය පිළිබඳ සළකා බලා මෙම තීරණය ගන්නා ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.