මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරිම සම්බන්ධයෙන් තීරණය කරන මිල කමිටුව අද (10) පස්වරුවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමීතව ඇති බව මුද් අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව එම කමිටුව පස්වරු 03 ට මුදල් අමාත්‍යාංශයේදී රැස්වීමට නියමිතව ඇත.
ලෝක වෙළද පොලේ ඉන්ධන මිල වෙනස්වීමට අනුකූලව මෙරට ඉන්ධන මිල තීරණය කිරීම සඳහා සෑම මසකම 10 වනදා මිල කමිටුව රැස් විම සිදු කෙරේ.
ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 51.7 ක් ලෙස සටහන්ව පවති.






