FAST NEWS

24×7 Around the Globe

අද (10) සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්…

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දිවයිනේ ප්‍රදේශ රැසක් ආවර්ණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද (10) සහ හෙට (11) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

බස්නාහිර පළාත, යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල හඳුනාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 40 ක මෙම වැඩසටන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

දැනට පවතින කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගීන්ව වාර්තා වීමේ‍ෙ ඉහළයාමක් පෙන්නුම් කරන බැවින් මෙම ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.