පාර්ලිමේන්තු කාරක සභාවල සාමාජිකයින් සංඛ්‍යාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද (10) පෙරවරු 09.00 ට රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
පාර්ලිමේන්තු කාරක සභා 04 ක් සඳහා සාමාජිකයින් මේ වන විට පත් කර ඇති නමුත්ඇතැම් කාරක සභාවල සාමාජිකයින් සංඛ්‍යාව ඉහල නැංවිය යුතු බවට ඊයේ (09) පස්වරුවේ පැවැති පක්ෂ නායක රැස්විමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් අද (10) දිනයේ තේරීම් කාරක සභාව රැස්වී සාකච්ඡා කිරීමට එහිදී එකඟතාව පළ වී ඇති බව පැවසේ.








