FAST NEWS

24×7 Around the Globe

හැටන් – කොටගල රක්ෂිතයක ගින්නක්…

 

අද (09) පස්වරු 2.00 ට පමණ හැටන් – කොටගල රොසිටා ගොවිපලට අයත් රක්ෂිතයක ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.

ගින්නෙන් රක්ෂිතයේ අක්කර 25ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති  අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය සහ දැඩි සුළං තත්ත්වය නිසා ගින්න රක්ෂිතය තුළ පැතිර යමින් පවතියි.

කිසියම් පිරිසක් විසින් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.