චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි (නේවි සම්පත්) ඇතුළු සැකකරුවන් තිදෙනෙක් මේ මස 23 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (09) නියෝග කරනු ලැබීය.
ඒ කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.
එහිදී සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කෙරුණු අතර, මෙම නඩුවේ 12 වන සැකකරු වන නාවික නැවි උපුල් චමින්ද නොහොත් තන්නච්චි නැමැත්තා අතුරුදන් වූ තරුණයින්ගේ මවක සහ ඥාති සහෝදරියක විසින් හඳුනාගනු ලැබීය.
ඒ අනුව ඔහු 23 වැනිදා සැකකරු යළි හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.








