‘සිව් වසරක අවපාලනයක් හා මතු පරපුරට රටක් අහිමිවීම’ යන මතෘකාව යටතේ 2015 ජනවාරි 09 දා ඇති වූ ආණ්ඩු වෙනසට වසර හතරක් පිරීම නිමිත්තෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ආණ්ඩු වෙනසින් පසුව අවුරුදු 4ක් ගතවන අවස්ථාවේදී ශ්‍රී ලංකාව රටක් ලෙස තුන් බියකට ගොදුරු වී ඇති බව ඔහු සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.











