පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභා 05 ක් සඳහා සාමාජිකයින් නම් කළ බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද (09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ඒ අනුව ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ගෘහ කටයුතු පිළිබඳ කාරක සභාව, ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව, ගිණුම් කාරක සභාව සහ මුදල් පිළිබඳ කාරක සභාව සඳහා සාමාජිකයින් පත්කර ඇත.








