FAST NEWS

24×7 Around the Globe

2019 වසරේදී සුරක්ෂා රක්ෂණාවරණයෙන් සිසුන්ට වැඩි ප්‍රතිලාභ…

 

 

පසුගිය වසරට සාපේක්ෂව සුරක්ෂා රක්ෂාවරණයේ මුදල සහ ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථා මේ වසරේදී වැඩිකිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

සුරක්ෂා රක්ෂණාවරණය 2019 වසර සඳහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුමැතිය පසුගිය දා පැවති කැබිනට් මණ්ඩලයේ දී හිමිවිය.

පාසල් සිසුන් ලක්ෂ 45 කට මෙම රක්ෂණාවරණය ලබාදී ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

පසුගිය වසරේ දී සුරක්ෂා රක්ෂණාවරණය ලබාදීමේ දී ලද අත්දැකීම් සැලකිල්ලට ගනිමින් රජයට අවම වියදමක් දරා සිසුන්ට වැඩි ප්‍රතිලාභ හිමිවන පරිදි  නව යෝජනා ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කටයුතු කර ඇත.

හදිසි රෝග, අනතුරු සහ ආබාධ තත්ත්වවලදී ඉක්මන් සෞඛ්‍ය සේවා සඳහා මෙමඟින් ආවරණය සැලසෙනු ඇත.