FAST NEWS

24×7 Around the Globe

දකුණු පළාත් ආණ්ඩුකාර ධූරය මාර්ෂල් පෙරේරාටම !

 

දකුණු පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා තවදුරටත් එම ධූරයේ කටයුතු කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

පෙර සිටි පළාත් ආණ්ඩුකාරවරුන් සියලු දෙනා මෙන්ම මාර්ෂල් පෙරේරා මහතාද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැනුම් දීම මත ඉල්ලා අස්වීමේ ලිපි බාරදී තිබූ නමුත් මාර්ෂල් පෙරේරා මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් බාර ගෙන නැතැයිද පැවසේ.

පළාත් ආණ්ඩුකාරවරුන් නව දෙනාගෙන් මාර්ෂල් පෙරේරා මහතා නොමැතිව අට දෙනෙකු ඉවත් කර අලුතින් ආණ්ඩුකාරවරු අට දෙනෙක් ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූහ.