FAST NEWS

24×7 Around the Globe

ශිෂ්‍යත්වය සම්බන්ධව තීරණයක් ගැනීම අත්‍යවශ්‍යයි – අධ්‍යාපන ඇමති…

 

විභාග තුළින් ළමයාට අනවශ්‍ය මානසික පීඩනයක් ලබා නොදීමට පියවර ගත යුතු බවත් , ළමා මනෝ විද්‍යාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව සදහන්කර සිටියේ අද (08) රැස් වූ ශිෂ්‍යත්ව සමාලෝචන කමිටු රැස්වීමට සහභාගී වෙමින්.‍

ළමා මනෝ විද්‍යාඥයින්, සමාජ විද්‍යාඥයින් සහ අධ්‍යාපනඥයින්ගේ දායකත්වය ඒ සඳහා අවශ්‍ය බව ද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.