ඊයේ (08) රාත්‍රියේ මුල්ලේරියාව – අංගොඩ මං සන්ධියේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැක කෙරෙන යතුරුපැදියක් වැල්ලම්පිටිය – කොහිලවත්ත ප්‍රදේශයේදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
එම ප්‍රදේශයේ කැළණි ගඟ අසබඩ තොටුපළක් අසළ දමා ගොස් තිබියදී ව්‍යාජ අංක තහඩු සහිත එම යතුරුපැදිය සොයා ගත් බව පොලීසිය සඳහන් කළේය.
එම යතුරුපැදිය වෙඩි තැබීමේ සිද්ධිය සඳහා සම්බන්ධ ද යන්න පිළිබදව පොලීසිය මේ වන විටත් පුළුල් විමර්ශනයක් සිදුකරමින් පවතියි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම වෙඩි තැබීමෙන් කැළණිමුල්ලේ පදිංචි වයස අවුරුදු 22ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්විය.








