මේ දිනවල දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වය අවසන් කරමින් අද (08) සිට ප්‍රදේශ කිහිපයකට වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පෙරවරු කාලයේ බොහෝ ප්‍රදේශවලට හටගනු ලබන ශීත දේශගුණික තත්ත්වය ද අද සිට සුළු අඩුවීමක් අපේක්ෂා කළ හැක.
මේ මස 13 වන දින තෙක් උතුරු පළාතට වැසි තත්ත්වයක් බලාපොරොත්තුවිය නොහැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
බස්නාහිර සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 දක්වා ඉහළ යා හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.








