ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයට රාසා හරිස්චන්ද්‍ර මහතා පත්කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා තීරණය කර ඇත.
ඒ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය යටතේයි.
ස්වාධීන රූපවාහිනි සේවයේ ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම මෙම පත්වීම සමගින් සිදුවෙනු ඇතැයි රජය විශ්වාස කරයි.
ස්වාධීන රූපවාහිනී සේවයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් 02 ක් පොලීසිය සමගින් ඊයේ එම පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී එයට සේවකයන් විරෝධය දැක්වීමත් සමග දැඩි උණුසුම්කාරී තත්ත්වයක්ද ඒ අවස්ථාවේදී හටගෙන ඇත.
එම ආයතනයේ ස්ථාවර තැන්පතු ගිණුමෙන් විශාල මුදලක් වංචා කර ඇතැයි පවසමින් එම ආයතනයේ සේවක පිරිසක් විරෝධතාවක නිරතව සිටින අතර එයට සම්බන්ධ වූ සේවකයන් 13 දෙනෙකුගේ සේවය අත්හිටුවීමටත් කටයුුතු කර තිබුණි.








