FAST NEWS

24×7 Around the Globe

නව ලග්ගල නගරය ජනතා අයිතියට පත්කිරීම අද (08) ජනපතිගේ ප්‍රධානත්වයෙන්…

 

කළුගඟ ජලාශයේ වැඩ අවසන් කිරීමේ මංගල්‍ය සහ මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය අද (08) පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

දශක හතරකට පසු මෙරට ඉදිවූ විශාලතම බහුකාර්යය ව්‍යාපෘතිය වන්නේ මොරගහකන්ද කලුගග ජලාශ ව්‍යාපෘතියයි.

” මෛත්‍රී පාලනයක් – තිරසර යුගයක්” ආර්ථීක හා සංස්කෘතික පුනරුදයේ පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමින් මෙම උත්සවය පැවැත්වෙනු ඇත.

නවීන පහසුකමිවලින් සමන්විත අංග සම්පූර්ණ නව ලග්ගල නගරය වෙනුවෙන් රජය ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 4500 ක්.

ලග්ගල නව නගරය රාජ්‍ය ආයතන 26 ක් සඳහා ගොඩනැගිලි ඉදිකර ඇති අතර මහජන සේවා සපයන එම ආයතන සියල්ල එකිනෙකට පහසුවෙන් සම්බන්ධ විය හැකි ආකාරයට සැලසුම් කර තිබීම ද විශේෂත්වයක්.

ඒ අනුව ඉදිකෙරුණු ලග්ගල නව රෝහල සහ ලග්ගල ද්විතීක පාසල විවෘත කිරිම ද අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුකිරිමට නියමිතයි.

මොරගහකන්ද ජලාශයට සම්බන්ධ අනෙක් මහා ජලාශය කළුගඟ ජලාශයයි. කළුගඟ ව්‍යාපෘතිය ද පරාක‍්‍රම සමුද්‍රය මෙන් දෙගුණයක් විශාල ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘති ද්විත්වයම එකට ගත් විට පරාක‍්‍රම සමුද්‍රය මෙන් හයගුණයක් විශාල වාරි සංකීර්ණයක් නිර්මාණය වෙයි.