FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිව්වන පදවි ප්‍රාප්තිය අදයි…

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිවු වසරක පදවි ප්‍රාප්තිය අද (08) දිනයට යෙදී ඇත.

2015 ජනවාරි 08 වැනිදා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ 06 වැනි විධායක ජනාධිපතිවරයා වේ.

එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කරමින් මෛති‍්‍රපාල සිරිසේන මහතා ඡන්ද 60 දෙලක්ෂයකට අධික සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත්විය.

ජනපතිවරයා එම ධුරයට පත්වී වසර 04 ක් සපිරීම නිමිත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (07) සර්ව රාත්‍රික පිරිත් සජ්ඡායනයක් ද සිදුකෙරුණි.

ජනාධිපතිවරයාගේ පදවි ප‍්‍රාප්තිය නිිමිත්තෙන් දිවයින පුරා ආගමික වතාවත් පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.