FAST NEWS

24×7 Around the Globe

අංගොඩ වෙඩි තැබිමකින් තරුණයෙක් මරුට..

 

මුල්ලේරියාව පොලිස් වසම, අංගොඩ මංසන්ධිය අසලදී අද (07) රාත්‍රී 7.30ට පමණ  සිදුවූ වෙඩි තැබීමකින් 22 හැවිරිදි තරුණයෙක් මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පැවසේ.

මියගිය තරුණයාගේ මළ සිරුර මේ වන විට කොළඹ ජාතික රෝහලේ තබා ඇති අතර අංගොඩ පොලිසිය සිද්ධිය පිලිබදව වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.