FAST NEWS

24×7 Around the Globe

ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ ත්‍රෛභාෂා දැනුම ඉහළ නැංවීමට පියවර…

 

පිරිවෙන්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලගේ ත්‍රෛභාෂා දැනුම ඉහල නැංවීමේ අරමුණුන් වැඩසටහන් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මේ වන විටත් පිරිවෙන් සදහා අවශ්‍ය ඉංග්‍රීසි භාෂා ගුරුවරුන්ගේ අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන ඇත.

මීට අමතරව පිරිවෙන්වල දෙමළ භාෂාව ඉගැන්වීම සදහා දෙමළ භාෂා ගුරුවරුන් බඳවා ගැනීම පිලිබඳ අවධානය යොමු කරමින් ඒ සඳහා සුදුසුකම් ලත් දෙමළ භාෂා ගුරුවරුන් බඳවාගැනීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ලොව පුරා ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කිරීමේ දී විවිධ භාෂා දැනුම අත්‍යවශ්‍ය වන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි .

මෙහි ආරම්භක පියවර වශයෙන් දෙමළ භාෂා ගුරුවරුන් 50 දෙනෙකු බඳවාගෙන ඇති අතර, ඉදිරියේ දී තවත් දෙමළ භාෂා ගුරුවරුන් පිරිවෙන් අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කරගැනීමට ද සැලසුම් කර තිබේ.