දෙමටගොඩ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථාන පරිශ්‍රයේ හටගත් නොසන්සුන්තාවය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නාගරික මන්ත්‍රී ගීකියනගේ කුලතිස්ස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඒ, සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 28 වනදා එවකට ඛනිජ තෙල් අමාත්‍යවරයාව කටයුතු කළ අර්ජුන රණතුංග තෙල් සංස්ථා පරිශ්‍රයට පැමිණීමත් සමඟ ඇති වූ නොසන්සුකාරී තත්ත්වය හමුවේ අයුතු ජනරාශියක සාමාජිකයෙකු වෙමින් කලහකාරී ලෙස හැසිරුණු බවට මොහුට විරුද්ධව චෝදනා එල්ල වෙයි.








