FAST NEWS

24×7 Around the Globe

අ.පො.ස සාමාන්‍ය පෙල පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියර හෙට (08) සිට…

 

අ.පො.ස සාමන්‍ය පෙල විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ දෙවන අදියර හෙට (08) සිට ලබන 17 වනදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කළේය. 

මේ සඳහා යොදාගන්නා පාසල් 26න් 04ක් මෙම කාලය තුල සම්පෙූර්ණයෙන් වසා දැමෙන අතර , ඒ අනුව කොළඹ – ඉසිපතන, මාතර – මහානාම, කුරුණෑගල – සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර සහ මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා යන පාසල් මෙලෙස වසා තැබෙනු ඇති.

ඇගයීම් පරික්ෂාවේ දෙවැනි අදියර සිදුකරන අනෙකුත් පාසල් 22ක කොටස් වශයෙන් වසා දැමීම සිදුකරන අතර එම පාසල්වල කටයුතු සාමන්‍ය පරිදි සිදු කෙරෙන බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේය.