මේ වන විට කොළඹ – වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට සරසවි සිසුන් පිරිසක් විසින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයක් හේතුවෙන් ඒ අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.
විශ්වවිද්‍යාල කිහිපයකට සිසුන් බඳවාගැනීම කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර ඇත.








