FAST NEWS

24×7 Around the Globe

ජනපති හා විපක්ෂ නායක‌‌‌ගේ ප්‍රධානත්වයෙන් අද (07) සන්ධාන රැස්වීමක්…

 

ජනාධිපතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද (07) පස්වරුවේ පැවැත්වීමට නියමිතය. 

මෙහිදී ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේය.

මීට අමතරව ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමක් අරලියගහ මන්දිරයේදී අද රාත්‍රියේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.