පාර්ලිමේන්තු ගැලරිය ලබන 08 වන දා සිට සාමාන්‍ය පරිදි මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
ඒ අනුව පාසල් සිසුන්, අමුත්තන් සහ විශේෂ ආරාධිතයින් සඳහා පාර්ලිමේන්තුවේ සියලු ගැලරි විවෘත වනු ඇත.
රට තුළ නිර්මාණය වූ දේශපාලන අස්ථාවරයත් සමග පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරි තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් පැවති අවස්ථා කිහිපයකදී ගැලරිය වසා දැමුණි.








