2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් 04 ක් ලබන අඟහරුවාදා (08) සිට 17 වැනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
ඒ අනුව කොළඹ ඉසිපතන විද්‍යාලය, මාතර මහානාම මහා විද්‍යාලය, කුරුණෑගල සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලය සහ මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය වසා තැබෙන පාසල් වේ.
මේ අතර ඇගයීම් මධ්‍යස්ථාන සඳහා යොදාගන්නා තවත් පාසල් 22 ක යම් කොටසක් පමණක් වසා ඇගයීම් කටයුතු සිදුකරන බවද එහි සඳහන්.








